අමතක වීම හා ඊට පිළියම්

අමතක වීම හා ඊට පිළියම්

March 30, 2012
අප ඉගෙන ගත් කරුණු අමතක වීම කාහටත් පොදු වූ සිද්ධාන්තයකි. එහෙයින් අමතක වීමට හේතු හා ඊට යෙදිය හැකි පිළියම් දැනගැනීම අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වශයෙන් අපට වැදගත් කරුණකි. අප ඉගෙන ගත් කරුණු එල්ලවන යම් යම් බාධාවීම් නිසා අමතකවීම් සිදුවෙයි. තම අදහස් ආකල්පයන් සමග පැරණි දේවල් යටපත් වෙයි. එමෙන්ම පාඩම් කර අනතුරුව යම් කාර්යයක යෙදීම වැනි හේතු නිසාද පාඩම් කල කරුණු අමතක වීම සිදුවිය හැකි. මේ සම්බන්ධව පර්කින් සහ ඩැලන්බර්ක් 1924 දී කල පර්යේෂණයකදී යමක් පාඩම් කර ඊට පසු නිදාගත් අයගේ ස්මරණය නිදානොගෙන ඊට පසු ලබන ස්මරණයට වඩා වැඩි බව හෙලිවිය1.
එය ඉගෙන ගත් දෙයට එල්ලවන බාධා නිසා අවනත වීම සිදුවීමට මෙන්ම රාත්‍රිකාලය පාඩම්
කිරීමට හොඳම කාලය බවට සාක‍ෂියකි. එමෙන්ම කාලයත් සමගද මෙම මතකය දුර්වල වන බව පැවසිය හැකිය. භාවිතයට නොගැනීම නැවත වරින් වර සිහිපත් නොකිරීම නිසා මෙම මතකය දුර්වල වෙයි. එහෙයින්
ඉගෙනගත් කරුණු විභාගයට පෙර වරින් වර මතකයට කැදවීම තුලින් මෙම දුර්වලත්වය මගහරවා ගත හැකි වන බව සිතිය හැකිය. අප වාර විභාගවලට පෙර මෙන්ම උසස්පෙල විභාගයට පෙර පාඩම් කිරීම තුලින් සිදුවන්නේ මෙසේ කාලය සමග අවනත වීමට ඉඩ නොදී එම කරුණු නැවත වරින් වර සිහිපත් කිරීමකි.
එමෙන්ම මෙම අමතක වීම සඳහා බලපෑ හේතුවක් ලෙස ජීවත්වන පරිසරය මෙන්ම පවුල් පසුබිමද බලපාන බව කිව හැකිය.
මෙල්ටිසර් (1957) ශිෂ්‍ය කණ්ඩායම් දෙකකින් එකකට නිවාඩු නිකේතනයක සැප පහසු ලෙස නිවාඩුව ගත කිරීමටත් අනෙක් කණ්ඩායමට දුක්පීඩාවලට පුහුණුව දීමටත් සලස්වන ලදී. පසුව තොරතුරු සිහිකිරීමේදී සුවපහසුව කාලය ගෙවූ අය 53% , අනෙක් අය 40% කරුණු සිහිපත් කරන ලදී2. එහෙයින් අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ට හොඳින් අධ්‍යාපනය ලැබීමටත් හොඳ පසුබිමක් පැවතිය යුතුය. හැකි තරම් පරිසරයෙන් එන බාධා අවම කරගත යුතුය. ඒ සඳහා දෙමාපියන්ටද ඉමහත් වගකීමක් පැවරේ. අතවශ්‍ය කරදර ප්‍රශ්න අධ්‍යාපනය ලබන දරුවන්ගේ හිස මතා නොදා ඔවුන්ටහොඳින් ඉගෙනීමට වාතාවරණය සකසා දිය යුතුය. තවද මධ්‍යසාර නිසාද ස්මරණ ශක්තිය අඩුවේ. එහෙයින් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වශයෙන් මෙන්ම රටේ අනාගතය බාරගැනීමට සිටින පුරවැසියන් වශයෙන් මධ්‍යසාර, දුම්වැටි, මත්ද්‍රව්‍ය වලින් තොරවීම කල යුතුය.

 සෑම ගැටළුවකටම විසඳුමක් ඇත.”
nipun
Next Post Previous Post
No Comment
Add Comment
comment url