අපුරැ ලොකය

මහා දොරුව

මහා දොරුව/ Grand Coulee
වොෂිංටන්, ඇමරිකා එක්සත් ජනපදය
මහා දොරුව, උතුරු ඇමරිකාවේ පිහිටි ලාබාල සහ අසාමාන්‍ය වූ භූ විශමතාවකි. ආදි කාලීන ගං පත්ලක් වූ මෙකී ස්වාභාවික ආශ්චර්යය දෑසට එතරම් මනරම් දර්ශනයක් නොවූවත් විද්‍යාත්මක අතින් අතිශයින් වටිනා පිහිටීමකි . මෙම දොරුව නැගෙනහිර වොෂිංටන් ප්‍රාන්තයේ, කොලොම්බියානු සානුව මත ඇති දොරු අතරින් විශාලතම දොරුව වේ. වසර ගණනාවක් පුරාවට විද්‍යාඥයෝ දොරුව නිර්මාණය වූ අයුරු සිතා ගැනීමට නොහැකිව අවුල් සහගත මත ඉදිරිපත් කළහ. දොරුවේ අධික ලම්භාකාර බෑවුම් සහ විශම වූ මතු පිට පෙන්නුම් කරන්නේ දොරුවට එතරම් වයසක් නොමැති බවයි. එය කලින් සිතා සිටි පරිදි වසර මිලියන ගණනාවක් ගංගාවක් මඟින් ඛාදනයට ලක්වී නිර්මාණය වූවක් නොවේ.

වසර කිහිපයක පර්යේෂණවලින් අනතුරුව “J. Harlen Bretz” නම් විද්‍යාඥයා මෙහි නිර්මාණය පිළිබඳ පිළිගත හැකි මතයක් ඉදිරිපත් කලේය. ඔහු සොයාගත් පරිදි දොරුව නිර්මාණය වී ඇත්තේ අවසන් අයිස් යුගයේදී (වසර දස දහසකට පෙර) පෘතුවිය මත වාර්තා වූ විශාලතම ගං වතුරට නිරාවරණය වීමෙනි. එකල රොකී කඳූවල සිට විශාල අයිස් වේල්ලක් කඩා පැමිණි අඩි දෙදහසක් පමණ උස ජල කඳක් වොෂිංටන්ප්‍රාන්තය හරහා ගලා ගොස්, පැසිෆික් සාගරයට එක්වූ බව ඔහු පවසයි. එම ජල කඳේ පීඩනය නිසා කොලොම්බියා සානුවේ යටි පාෂාණය  පැලී වර්තමානයේ දැකිය හැකි මහා දොරුව නිර්මාණය වූ බව ඔහු වැඩි දුරටත් පවසයි.  දොරුවේ පළල කිලෝමීටර දහයක් වන අතර, ගැඹුර අඩි නවසියයකි.

බීරිං සමුද්‍ර සංධිය



බීරිං සමුද්‍ර සංධිය/ Bering Strait (ඇලස්කාව, රුසියාව)


ඇලස්කාවේ “ප්‍රින්ස් ඔෆ් වේල්ස්” තුඩුවත්, රුසියාවේ “Dezhnev” තුඩුවත් මධ්‍යයයේ ආසියානු භූ තලයත්, උතුරු අමෙරිකානු භූ තලයත් වෙන් කරමින් බීරිං සමුද්‍ර සංධිය පිහිටා ඇත. ඉතා ඈත අතීතයෙහි සමුද්‍ර සංධියේ ජල මට්ටම එතරම් ගැඹුරු නොවූ අවධියක, මානවයින් ආසියාවේ සිට උතුරු ඇමෙරිකාවට බීරිං සමුද්‍ර සංධිය හරහා සං ක්‍රමණය වූ බව පැවසේ.
වර්තමානයේදී සමුද්‍ර සන්ංධිය කිලෝමීටර 85ක් පළල වන අතර අඩි 98- 160 දක්වා ගැඹුරු වේ. එය උතුරින් ආක්ටික් සාගරයේ කොටසක් වන “චුක්චි” මුහුදද, දකුණින් පැසිෆික් සාගරයේ කොටසක් වන බීරිං මුහුදද යා කරයි. ජාත්‍යන්තර දින රේඛාව බීරිං සමුද්‍ර සංධිය හරහා වැටී ඇති අතර දින රේඛාවෙන් වම් පස, දකුණු පසට වඩා එක් දිනක් (හෝ ඊට අඩු ප්‍රමාණයකින්) ඉදිරියෙන් සිටියි. උ.දා. අද දින මේ මොහොත ශ්‍රී ලංකාවට 2010.11.5 ක්වූ සිකුරාදා දිනයක පෙරවරු 11.43 නම්, එය බීරිං සමුද්‍ර සංධියෙන් වම් පස කෙලවරට සෙනසුරාදා දිනයකි එනම් 2010.11.6  වෙනිදා පෙරවරු 11.43 වේ. බීරිං සමුද්‍ර සංධියෙන් දකුණු පස කෙලවර ඇලැස්කාව තවමත් පසු කරන්නේ බ්‍රහස්පතින්දා (2010.11.4) පස්වරු 11.15පමණ වේ.

බීරිං සමුද්‍ර සංධියේ ජීවත්වන මුහුදු ජීවින් ගැන කථා නොකිරීම බලවත් අඩුපාඩුවකි. බීරිං සමුද්‍ර සංධිය ස්වභාවික අතින් වඩාත් වැදගත් වන්නේත් ආකර්ෂණීය වන්නේත් මෙම මුහුදු ජීවින් නිසායි. මුහුදු සිංහයන්, සුදු තල්මසුන්, දළ තල්මසුන් (හෙල්ලයක් වන් අඩි 8ක් පමණ දිගු උල් දළයක් මොවුන්ගේ මුවට උඩින් පිහිටා ඇත, මධ්‍ය ප්‍රමාණයේ තල්මසුන් විශේෂයකි, ජීවත් වන්නේ ආක්ටික් සාගරය ආශ්‍රිතවයි) සහ සීල් මසුන් විශාල ප්‍රමාණයක් සමුද්‍ර සංධිය ආශ්‍රිතව දැක ගත හැක. බීරිං මුහුදේ ඇති “චිරිකොව්” ද්‍රෝණිය අළු තල්මසුන් විසින් අරක්ගෙන ඇත. මුන් මීටර දහසයක් පමණ දිග වන අතර ටොන් 36ක් පමණ බර වේ. මොවුන් ශීත සෘතුවේ දී අභිජනනය කරන, වඩාත් දකුණින් පිහිටි සාගර ප්‍රදේශවල සිට ගිම්හානය ගත කිරීම සඳහා බීරිං මුහුදේ චිරිකොව් ද්‍රෝණියට පැමිණේ. මොවුන් මෙසේ මාස 5ක් පමණ මෙහි ගත කරන අතර බීරිං මුහුදට සංක්‍රමණය වන්නේ ගිම්හානයෙදී ඒ අවට තල්මසුන්ට අවශ්‍යය ආහාර බහුල බැවිනි. මෙසේ වරකට තල්මසුන් 22,000ක් පමණ සංක්‍රමණය වේ. මෙම තල්මසුන් අනෙක් තල්මසුන් මෙන් නොව මුහුදු පත්ලටම ගොස් කූණිස්සන් වන් කුඩා මසුන් තොග පිටින් ගොදුරු කර ගනී. ගිම්හානයේදී ඔබට බීරිං සමුද්‍ර සංධියේ චාරිකාවක නිරත වී, මේ අද්විතීය දර්ශන සියල්ල දැක බලා ගත හැක.



දකුණු කැලිෆෝනියාවේ වෙරළ තීර/ Beaches of southern California

  වසන්තයේ සිට ගිම්හානය දක්වා , එනම් මාර්තු සිට අගෝස්තු දක්වා රිදී පැහැති කුඩා මත්ස්‍යයින් මිලියන සංඛ්‍යාවක්, වඩ දිය නැඟ ඒමත් සමඟ දකුණු කැලිෆෝනියා වෙරළ තීරයේදී දැක ගත හැක. එම මසුන් සෙන්ටි මීටර 15ක් පමණ දිගවන අතර උන් "ග්‍රනියන්" මසුන් ලෙස හැඳින්වේ. බිත්තර දැමීම සඳහා සම්පූර්ණයෙන්ම ජලය අතහැර ගොඩබිමට එන එකම මත්ස්‍ය විශේෂය ග්‍රනියන් මසුන් වේ.


ඔවුන් පුර හඳෙන් පසු හෝ නව සඳින් පසු (අමාවකින් පසු නැවතත් සඳ පෙනීමට ගැනීම්) දින 2-6ත් ඇතුලත රාත්‍රී කාලයෙහි වඩදිය නැඟ ඒමත් සමඟම අභිජනනය සඳහා සූදානම් වෙයි. වඩදිය සමඟ නැග එන මුහුදු රළ උපයෝගී කරගෙන උන් වෙරළ තීරයට සංක්‍රමණය වෙයි. ගැහැණු මත්ස්‍යයා වැල්ලෙහි වලක් හාරා තම වල්ගය එහි හොවාගෙන හිස පමණක් වැල්ලෙන් මතුවන සේ තබාගෙන බලා සිටින්නේ මත්ස්‍යයෙක් පැමිණෙන තෙක්ය. එසේ සිටිනා ගැහැණු මත්ස්‍යයා අසලට පිරිමි සතුන් පැමිණේ. පිරිමි සත්ත්වයා ගැහැණු මත්ස්‍යයා වටා වකුටු වී සිටින අතර ගැහැණු සතා වල තුලට බිත්තර දමයි. ඒ සමඟම පිරිමි සත්ත්වයා එම බිත්තර සංසේචනය සඳහා බිත්තර මතට බීජාණු වපුරයි. කාර්ය අවසන් වූ විට පිරිමි සත්ත්වයා වඩදිය සමඟ ලඟා වන ඊලඟ මුහුදු රැල්ලත් සඟ වහා පිටවී යයි. එහෙත් ගැහැණු මත්ස්‍යයා එලෙසම සිටියි. ඒ ග්‍රනියන් මත්ස්‍යයින්ගේ බිත්තර සංසේචනය සඳහා එක් පිරිමි සත්ත්වයෙකුගේ බීජාණු මද බැවිනි. එසේ පිරිමි මසුන් කිහිපයක් විත් බීජාණු බිත්තර මත වැපිරූ පසු ගැහැණු මත්ස්‍යයා මුහුදු රැල්ලත් සමඟ සාගරයා හා එක්වේ. මේ ක්‍රියාවලියෙන් පසු වඩදිය බැස යන අතර ඊලඟ වඩදිය (පැය හයකින්) නැග්ම එන තුරු බිත්තර වල තුල උණුසුම් වන අතර නැවතත් වඩදිය ආ වහා හොඳින් සංසේචනය වූ බිත්තර වඩදිය රැල්ල සමඟ සාගරයට ගසාගෙන යයි.

 ජාතික බයිසන් ගව රක්‍ෂිතය
ජාතික බයිසන් ගව රක්‍ෂිතය/ National Bison Range
මොන්ටැනාඇමරිකා එක්සත් ජනපදය
Photograph/ ඡායාරූපය Unknown, ‘NBR’, in http://www.sewildlife.com, viewed on 14 November 2010, < http://www.sewildlife.com/Nature/Montana/Bison7807AS/689662841_Lgwwk-M-2.jpg>


බයිසන් ගවයින් ගැවසෙනා මොන්ටැනාහිරොකී කඳු ආශ්‍රිත මෙම ප්‍රදේශය ඇමරිකා එක්සත් ජනපදය විසින් නම් කරනු ලැබූ බයිසන් ගවයින් සඳහාම වූ රක්‍ෂිතයකි. 1908දී පිහිට වූ එය ඇමරිකා එක්සත් ජනපදයේ පැරණිතම වන ජීවී රක්‍ෂිතයක් ලෙස සැලකේ. වර්ග කිලෝමීටර 75ක ප්‍රදේශයක් පුරා විසිර පවතී.  කලෙක මිලියන ගණනක් විසූ බයිසන් ගව ගහණය අධික දඩයම නිසා වර්තමානයේ මෙම රක්‍ෂිතය ආශ්‍රිතව දැකිය හැකි වන්නේ 350-500ත් අතර ප්‍රමාණයකි. රක්‍ෂිතය ස්වාභාව සෞන්දර්යයෙන් අනූන මනස්කාන්ත පරිසරයකින් සමන්විත වේ. හාත්පස මහානුභාවසම්පන්න කඳු වැටිවලින් වටිවී ඇත. අලංකාර මිටියාවත්දතණ බිම්දකඳුකර වනාන්තරතෙත්බිම් සහ වන ලැහැබ්වලින්ද පොහොසාත්ය. 

අඩි දෙදහසක් උස "රෙඩ් ස්ලීප්" කඳු මුදුන රක්‍ෂිතයේ උසම ස්ථානය වන අතර එහි සිට හාත්පස සිසාරා විහිදී ගිය අනන්ත වූ කඳු මුදුන්වලින් හෙබි විශිෂ්ඨ දර්ශනයක් දැක බලා ගත හැක. ජූලි මැද සිට අගෝස්තු දක්වා බයිසන් ගවයින්ගේ අභිජනන සමයයි. මේ සමයේදී විශාල බයිසන් ගොනුන් මහ හඬින් ගොරවමින් සහකාරියන් සඳහා එකිනෙකා හා සටන් කරගන්නා අන්දම සුලභ දසුනකි. පැටවුන් ලැබෙන්නේ අප්‍රේල් මැද සිට මැයි දක්වායි. බයිසන් ගවයින් ඝණ ලෝම වැස්මක් සහිත ඉතාමත් ශක්තිමත් සතුන් විශේෂයකි. අධික ශීතලට ඔරොත්තු දීම සඳහා වන ලෝම උඩට හිම වැටුනු විට ලොම්වල ඝණකම නිසා ශරීර උෂ්ණත්වයට ඒවා දිය නොවේ. රක්ක්‍ෂිතය බයිසන් ගවයින් හැර ක්‍ෂීරපායින් වර්ග 50ක නිවහන වේ. ඔවුන්ගෙන් සමහරක් නම් කඳුකර සිංහයන්ගෝනුන්කළු වළසුන්සහ ඇමරිකානු වෘකයින්වේ. පක්‍ෂීන් වර්ගද දෙසීයකට ආසන්න ප්‍රමාණයක් දැකිය හැකි වන අතර උන්ගෙන් සමහරක් නම්: රාජාලින්,උකුස්සන්මිටියාවත් ආශ්‍රිත තුලිකාවන්නිල් කුරුල්ලන්තාරවන් සහ පාත්තයන් වේ.




copy wright http://ishaninarahenpita.blogspot.com/2010/11/28.html
Next Post Previous Post
No Comment
Add Comment
comment url