ට්‍රාන්සිස්ටර
ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.
ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත. සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.
හැඳින්වීම[සංස්කරණය]
ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි. ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ.
වැදගත්කම[සංස්කරණය]
ට්‍රාන්සිස්ටරයේ භාවිත[සංස්කරණය]
ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය ධාරා වර්ඩකයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය වෝල්ටීයතා වර්ඩකයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය ක්ෂමතා වර්ඩකයක් ලෙස භාවිතා වේ.
ට්‍රාන්සිස්ටරය භාවිතා කරන මුලික වින්‍යාස 3කි. ඒවා පොදු පාදම වින්‍යාසය, පොදු විමෝචක වින්‍යාසය හා පොදු සංග්‍රාහක වින්‍යාසය නම් වේ. කෙසේ වුවද අද බහුලව භාවිතා කරන්නේ පොදු විමෝචක වින්‍යාසයයි, මෙසේ පොදු විමෝචක වින්‍යාස බහුලව භාවිතා කරන්නට හේතු වී ඇත්තේ එම වින්‍යසයේදී ට්‍රාන්ස්සිස්ටරය ධාරා වර්ධකයක් මෙන්ම වොල්ටීයතා වර්ඩකයක් ලෙසද ක්‍රියාත්මක වීමයි.මෙහි පාදම(ඵනම් බේසය)වෙත V 0.65(mv650)කුඩා වෝල්ට්ටියතාවයක් සැපයූවිට ට්‍රාන්සිස්ටරය නැඹුරුවී සංණයනය පටන්ගන්නා අතර පූර්ණ නැඹුරුවක් සදහා V 0.7(mv700)සැපයූව යුතුව ඇත.නමුත් FET ට්‍රාන්සිස්ටර සදහා ප්‍රදානය(ඵනම් බේසය)වෙත කුඩා වෝල්ට්ටියතාවයක් සැපයූම අනිවාර්ය නොවේ.
ඉතිහාසය[සංස්කරණය]
මුලින්ම ට්‍රාන්සිස්ටරය සංවර්ධනය කල් 1947 වසරේදීය. ඇමරිකාවෙහි බෙල්ස ලැබ්ස් හිදී වීලීයමී සොක්ලී, ජොන් බාඩින්, සහ වොල්ටර් බ්රැටෙන් යන විදාඥයින් තිදෙනා එකතුවෙනි
ට්‍රාන්සිස්ටර වර්ග[සංස්කරණය]
ට්‍රාන්සිස්ටරය වර්ග දෙකකට බෙදා දැක්වියහැක.
- ද්විඩ්‍රැව ට්‍රාන්සිස්ටරය
- FET ට්‍රාන්සිස්ටරය
ද්‍විධ්‍රැව ට්‍රාන්සිස්ටර[සංස්කරණය]
PNP හා NPN යනුවෙන් වර්ග දෙකක් පවතී.
FET ට්‍රාන්සිස්ටරය[සංස්කරණය]
J-FET හා MOS-FET යනුවෙන් වර්ග දෙකක් පවතී.