'ජෙට් එන්ජිමක් යනු නිව්ටන්ගේ චලිතය පිළිබඳ තෙවැනි නියමයට අනුව තෙරපුම ජනනය කිරීමට වේගයෙන් චලනය වන තරල ක්ෂේපයක් මුදාහරින ප්‍රතික්‍රියා එන්ජිමකි''
ශ්‍රීමත් අයිසැක් නිව්ටන් [1642-1726]නම් ඉංග්‍රීසි ජාතික ගණිතඥයා විසින් 1687 දී චලිතය පිළිබද නියම තුනක් ලොවට ඉදිරිපත් කරන ලදී.ඔහු විසින් ඉදිරිපත්කල තුන් වන නියමය නම් ''සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත''එම නියමය සනාථ කරමින් එන්ජිමට ඉදිරිපසින් ඇති තලබබරය [FAN] මගින් අවට වායුගෝලීය වාතය එන්ජිමතුලට ඇදගනුලබයි,ඉන් අනතුරුව ප්‍රාථමික පිඩකය [ LOW PRESSURE COMPRESSOR] හරහා ගමන් කර ද්විතීයික පිඩකය[HIGH PRESSURE COMPRESSOR]හරහා ද ගමන් කිරීම මගින් තව දුරටත් අධි පිඩනයකට බාජනය වෙයි,ඉන් අනතුරුව දහනකුටිරය තුල දී ඉන්දන සමග එක් වීම නිසා තවදුරටත් අධි පිඩනයට පත් වු වාතය නැවතත් පිළිවෙලින් ප්‍රාථමික,ද්විතීයික පිඩක හරහා ගමන් කර අධි පීඩනය යටතේ පිටාර දොරටුව හරහා නැවත වායු ගෝලයට එක්වෙයි. එලෙස රෝල්ස්රොයිස් සමාගම විසින් නිපදවා ඇති ''TRENT 900'' එන්ජිම මගින් ඇතිකරන තෙරපුම 84,000 LBFපමණ වෙයි.එලෙස එන්ජිම මගින් ඇතිකරන තෙරපුමට ප්‍රති විරුධව ලැබෙන බලය මගින් මෙවැනි එන්ජින් 4 කින් සමන් විත ටොන්560 පමණ උපරිම බරකින් යුතු A380 ගුවන් යානය දළ වශයෙන් පැයට කිලෝමීටර 280 පමණ වේගයකින් උඩුගුවනට ගෙනයයි. එලෙසම ජෙට් එන්ජ්ම බ්‍රෙටන් චක්‍රය නම් උ මුලධර්මය මත ක්‍රියාකරන එන්ජිමක් ලෙසද අර්තදක්වයි. බ්‍රෙටන් චක්‍රය යනු විවෘත පද්ධතියක ක්‍රියාකරන නියත පීඩන චක්‍රයකි.ඇමෙරිකානු ඉංජිනේරුවරයෙකු වූ ජෝජ් බ්‍රේටන්ට (1830 – 1892) මෙම මුලධර්මය ඉදිරිපත් කරන ලදී.එමගින් ජෙට් එන්ජිම තුලින් ගමන් කරන තරල ධාරාවෙහි ස්වබාවය විශ්ලේෂණය කරයි.
මෙම එන්ජින් ලොවට හදුන් වැදීමට පෙර ගෑස් ටර්බයින් නැතහොත් [GAS TURBINE] ''තල බඹරය'' බාවිතයේ තිබුණි.ටර්බයිනයක් යනු තරල ප්‍රවාහයකින් ශක්තිය උකහාගෙන එය ඵලදායක කාර්යය බවට පරිවර්තනය කරන භ්‍රමණ යන්ත්‍රයකි.විවිධ අවදි වලදී නර්මාණ කරුවන් විසින් විවිධ ටර්බයින නිපද උවද වර්තමාන ට්‍ර්බයිනයට සමාන හා සාර්ථක සුවිශේෂී නිර්මාණ කිහිපයකි.1791 දී JOHN BARBR [1734-1801] නම් බ්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවකු ඔහු විසින් නිර්මාණය කරන ලද ටර්බයිනය සදහා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත.ඔහුවිසින් සාදනලද ටර්බයිනය වර්තමාන ට්‍ර්බයිනයට බෙහෙවින් සමාන බව පැවසෙයි.ඉන් අනතුරුව1903 දී නෝවීජියානු පර්යේෂකයකු විසින්Ægidius Elling[1861-1949]ඉතා සාර්ථක ටර්බයිනයක් නිපදවා ඇත.එවකට බිහිවූ කාර්යක්‍ෂමතාවය ඉහලම ටර්බයිනය මෙය ලෙස සැලකේ.1930 දී SIR FRANK WHITTLE[1907-1996] නම් බ්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ඉංජිනේරුවකු විසින් ප්‍රථම ජෙට් එන්ජිම සදහා 1932 දී බ්‍රතාන්‍යහි පේටන්ට් බල පත්‍රය ලබාගෙන ඇත.කෙසේ වෙතත් මෙම එන්ජිම සාර්ථකව දහවනය කර ඇත්තේ 1937 දිය.මෙම එන්ජිම වර්තමාන ජෙට් එන්ජිමට වඩා තරමක් දුරට වෙනසක් ඇත.මොහු විසින් නිර්මාණය කරන ලද එන්ජිමේ විශේෂ වෙනස නම් කේන්ද්‍රපසාරී පිඩකයක් [centrifugal compressor] හා බාහිරව පිහිටා ඇති දහන කුටීරයයි.
FRANK WHITTLE මහතාගේ මුලිකත්වයෙන් රෝල්රෝයිස් සමාගම විසින් එම එන්ජින් නිපද වීමට මුල පුරා ඇති අතර,මෙම පහතින් ඇති එනිජිම තුන් වන පරපුරට අයත් නැනේ එන්ජිමයි. [Welland ,Derwent,Nene] මෙම පහත රුපයේ දැක් වෙන ආකාරයට කේන්ද්‍රපසාරී පිඩකයක් [centrifugal compressor]මගින් අවට වායු ගෝලීය වාතය එනිජිම තුලට ඇදගනුලබන අතර එලෙසම එම වාතය දහන කුටීරය තුලට තල්ලු කරයි.පසුව දහනකුටිරයේ දී ඉන්දන සමග මිශ්‍ර වී තලබඹරය[GAS TURBINE]හරහා වාතයට මුදා හැරෙයි.මෙහි කේන්ද්‍රපසාරී පිඩකය මගින් එතරම්
වතය පීඩනය නොවීම එම පීඩන වාතය දහන කුටීරය දැක්වා ගෙනයන මාර්ගය දිගින් සහ වැඩි හැරවුම් සහිත මාර්ගයක් වීම නිසා මෙම එන්ජිමේ කාර්යක්‍ෂමතාවය අඩු වීමට බල පා ඇත.මුල් කාලයේදී මෙම එන්ජින් මුලදර්මය අනුව එන්ජින් කිහිපයක් නිපද උවද පසුව එය නවතන ලදී.ඊට මුලික හේතුව ලෙස සම කාලිනවම එනම් FRANK WHITTLE මහතා ගේ එන්ජිම නිපදවූ අවදිය තුල දී ජර්මනියේ විසු HANS VON OHAIN [1911-1998]නම් ඉංජිනේරුවකු විසින් 1935දී ඔහු විසින් නිපද වන ලද ජෙට් එන්ජිමට ජර්මනියේදී පේටන්ට් බලපත්‍රය ලබාගන්නාලදී.මෙම දෙදෙනා තනිවම තම නිර්මාණ නිපද වා ඇති, අතර පසු කාලයේදී එකින්නෙකාගේ නිර්මාණ පිළිබද දැනගෙන ඇත. මන්ද එවකට සන්නිවේදනය එතරම් පුලුල් නොවීම හා ලෝක යුද්ධ සමය උ බැවිනි.කෙසේ වෙතත්HANS VON OHAIN විසින් නිපදවන ලද එන්ජිමFRANK WHITTLEගේ එන්ජිම අතර ලොකු වෙනසක් ඇත.මෙම එන්ජිම නුතන ජෙට් එන්ජිමට බෙහෙවින් සමානය.එනම්AXIAL COMPRESSOR බාවිතා කිරිම හා දහන කුටීරය වාතය ගමන් කරන මාර්ගයේ නිර්මාණය කිරීමයි
creat a nipun madusanka