THQ සමාගම වසාදමයි, සේවකයින්ට අවසාන දැනුම් දීම නිකුත් කරයි

THQ සමාගම සම්පුර්ණයෙන්ම බංකොලොත් වී ඇති අතර මේ වන විට සමාගම කුඩා කොටස් වලට වෙන් කර ලොව පුරා අනෙකුත් gaming publishers ලා හට විකුණා දමා තිබෙනවා. ඔවුන්ගේ වත්කම් virtual transit කර ඇති අතර, ඔවුන්ගේ වෙළද නාමය තවදුරටත් වෙළදපල තුල පවතින්නේ නැහැ. මෙම පුවත ලිපියකින් සේවකයින් හට දැනුම් දී තිබෙන්නේ හිටපු THQ President වන Jeff Rubin හා CEO වන Brian Farrell විසිනුයි.
Sega සමාගම “Relic” game එක මිලදී ගෙන තිබෙනවා. Koch Media විසින් “Volition” හා “Metro” යන games මිලදී ගෙන ඇති අතර, Crytek සමාගම විසින් “Homefront” game එක මිලදී ගෙන තිබෙනවා. තවමත් නිකුත් කර නොමැති “Evolve” game එක Take-Two විසින් මිලදී ගෙන ඇති අතර, Ubisoft විසින් “Montreal” හා “South Park” යන games මිලදී ගෙන තිබෙනවා.
Next Post Previous Post
No Comment
Add Comment
comment url