Windows 8 පරිශීලකයින් හට නොමිළේ Windows 9 ලබාගත හැකියි

Microsoft Windows 8 මෙහෙයුම් පද්දතිය බාවිතා කරන්නන් හට සමාගමේ මීළග පරිගණක මෙහෙයුම් පද්දතිය එනම් Windows 9 මෙහෙයුම් පද්දතිය නොමිළේ ලබාගත හැකි වෙනු ඇති බව ඉන්දුනීසියාවේ Microsoft President වන Andreas Diantoro විසින් අනාවරණය කර තිබෙනවා.
windows 9 logo1 Windows 8 පරිශීලකයින් හට නොමිළේ Windows 9 ලබාගත හැකියි
සමාගම Windows 8.1 හදුන්වාදීමෙන් අනතුරුව එය Windows 8 පරිශීලකයින් හට තම මෙහෙයුම් පද්දතිය නොමිළේම Windows 8.1 වලට Upgrade කරගන්න ඉඩකඩ සලසාදුන්නා සේම, Windows 8/8.1 පරිශීලකයින්හට Windows 9 නොමිළේ ලබාගත හැකිවෙනු ඇති බව පසුගිය 25 වැනිදා ජකර්තා අගනුවර පැවති සමුළුවකදී Andreas Diantoro විසින් සදහන් කරනු ලැබුවා. Windows 8 මෙහෙයුම් පද්දතියට පෙර පෙර හදුන්වාදුන් මෙහෙයුම් පද්දති පරිශීලනය කරන්නන් සදහා මෙම දීමනාව කෙසේ බලපාවිද යන්න පිලිබදව කිසිදු සදහනක් නැහැ. නමුත් Windows XP පරිශීලකයින් හට යම් ආකාරයක විශේෂ දීමනාවක් Microsoft ලබාදේවි යැයි අපේක්ෂා කල හැකියි.
Microsoft සමාගම සිය මීලග Windows මෙහෙයුම් පද්දතියේ Technical Preview සංස්කරණය හෙට (30) හදුන්වාදීමට නියමිත අතර, ලබන මස (Oct) මුල එය නිකුත් කිරීමට නියමිතයි
Next Post Previous Post
No Comment
Add Comment
comment url