ලොව ප්‍රථම 5-Inch Full HD Screen Smartphone එක : HTC J Butterfly

HTC J Butterfly : World’s First Smartphone with 5-Inch Full HD Screen
HTC සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම full HD display සහිත smartphone එක ලොවට හඳුන්වා දීමට බලාපොරොත්තු වී ඇත. මෙය J Butterfly ලෙස ඔවුන් නම් කර ඇත. මෙහි ඇති විශේෂාංගය වනුයේ 5 inch Super LCD 3D display එක වන අතර තවද  1920×1080 resolution එකක් සහිත smartphone ක් පාරිභෝගිකයාට ලබා දීමට මෙමඟින් HTC සමාගමට හැකි වී ඇත.
මෙම smartphone එක ජපානයේදී  Telco au by KDDI යන phone brand එක යටතේ හදුන්ව දීමට නියමිතව ඇත. HTC සමාගමේ නියෝජිතයන් පවසන අන්දමට J Butterfly නම් වූ මෙම නවතම smartphone ය මෙම වසරේ (2012) දෙසැම්බර් මාසයේදී ජපානය තුල විකිණීම් කටයුතු ආරම්භ කරන බවයි. නමුදු තවමත් HTC සමාගම ජාත්‍යන්තර වශයෙන් J Butterflyනවතම නිෂ්පාදන නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍යට පවසා නොමැත.

J Butterfly සමග ඔබට අත්විදිය හැකි විශේෂාංග….,
  • 440 PPI phone display – දැනටමත් මෙය ජපානයේ smartphone භාවිතාකරන්නන්ගේ වැඩි අවදානයට ලක් වී ඇත.
  • 1.5 GHz Qualcomm S4 Pro quad core processor – මෙමගින් ඉතා පහසුවෙන් games සහ  applications execute කිරීමට හැකියාව ලැබේ.
  • 2GB RAM capacity
  • Internal storage capacity 16GB
  • 8 mega pixel rear camera සහ 2 mega pixel front facing camera
  • Android 4.1 Jelly Bean OS
  • 2020 mAh battery – මෙමගින් වැඩි කතා කාලයක් ඔබට ලැබේ.
මෙම අති විශේෂ smartphone එක හදුන්ව දීම මගින් හොදම smartphones වෙළද නාම අතරට එකතු වීමට HTC සමාගම බලාපොරොත්තු වෙනවා.
Next Post Previous Post
No Comment
Add Comment
comment url