Rumors: Samsung Galaxy S IV ලබන ජනවාරි වල වෙළදපලට

Samsung Galaxy S IV සම්බන්දයනේ ඇති කටකතාවක් නිසා මේ දිනවල අන්තර්ජාලයේ ඒ ගැන වැඩියෙන් කතාබහට ලක්වෙනවා. Asia Economics හී වාර්තාවකට අනුව, එළබෙන ජනවාරියේ පැවැත්වෙන CES එක අතරතුරදී Samsung සමාගම සිය නව smart phone එක ලෙස Samsung Galaxy S IV වෙළදපලට හදුන්වා දීමට සුදානම් වන බව පැවසෙනවා. ඒ වගේම එහි specifications පිලිබදවත් ඔවුන් වාර්තා කර තිබෙනවා. ඒ අනුව එහි 5-inch AMOLED display එකක් හා 1920×1080 ක display resolution එකක් සහිතයි. තවද එහි processor එක Quad-core Exynos processor එකක් වන අතර එය 4G LTE තාක්ෂණයෙන් සමන්විතයි. කොහොම නමුත් මේ වනතුරු Samsung සමාගම සිය නව ස්මාර්ට් දුරකථනය ගැන කිසිදු තොරතුරක් නිකුත්කර නොමැති අතර,  Asia Economics හී මෙම වාර්තාවේ සත්‍ය අසත්‍ය බාවය සම්බන්දයෙනුත් Samsung සමාගම කිසිදු ප්‍රකාශයක් කර නොමැත. මීට කලින් පවතී කටකතා පැතිරගියේ ලබන වසරේ මාර්තු වල “Samsung Galaxy S IV” වෙළදපලට නිකුත් වේවි කියායි.
Next Post Previous Post
No Comment
Add Comment
comment url