HTC Desire Eye: 13MP ඉදිරිපස කැමරාවක් සහිත HTC සමාගමේ Selfie ස්මාර්ට්ෆෝනය
Sefie සදහා ඇලුම් කරණ ඔබ වෙනුවෙන් HTC සමාගම HTC Desire Eye නමින් නවතම ස්මාර්ට්ෆෝනයක් හදුන්වාදෙනු ලැබුවා. ඉතා අලංකාර පෙනුමක් ඇති මෙම sefie ස්මාර්ට්ෆෝනය water-resistant plastic body එකකින්, පහසුවෙන් ගලවා මාරුකළ හැකි 2400 mAh බැටරියකින් හා Dual-LED Flash සමග 13-megapixel ඉදිරිපස කැමරාවකින් සමන්විතයි.
අගල් 5.2 ක Full HD 1080p display screen එකක්, 32GB Storage එකක් හා 13 MP පසුපස කමාරාවක් සහිත මෙම HTC Desire Eye ස්මාර්ට්ෆෝනය බලගැන්වෙන්නේ Snapdragon 801 ප්‍රොසෙසරයකින් හා 2GB RAM එකකිනුයි. HTC Desire Eye බාවිතයෙන් ලබාගන්නා selfie වල ගුණත්වය තවත් ඉහල නැංවීම සදහා HTC සමාගම custom app එකකුත් Desire Eye වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා.
HTC Desire Eye ස්මාර්ට්ෆෝනයේ සම්පුර්ණ specifications ඔබට පහතින් දැකගත හැකියි.