(Part 3) Hacker කෙනෙක් වෙන්නේ කොහොමද 3

hacking (Part 3) Hacker කෙනෙක් වෙන්නේ කොහොමද?

Hacker කෙනෙක් සතු විය යුතු චිත්ත ලක්ෂණ හා hacker කෙනෙක්ගේ ස්වරුපය ගැන අපි පසුගිය සතියේ කතා කළා. නමුත් hacker කෙනෙක් වෙන්න එපමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා කුසලතාවය හා දැනුම දියුණු කර ගත යුතුයි. ඒ සඳහා ඔබට අද දින කතා කිරීමට බලාපොරොත්තු වන නිපුණතාවයන් ප්‍රගුණ කර ගත යුතුයි.

1. පරිගණක ක්‍රමලේඛය (programing) ඉගෙන ගන්න.

ඇත්ත වශයෙන්ම hack කිරීම සඳහා මුලිකවම දියුණු කර ගත යුතු කුසලතාවය වන්නේ මෙයයි. ඔබ කිසිම computer languages එකක් නොදන්නේ නම් මම ඔබට නිර්දේශ කරනවා Python language එක ඉගෙන ගන්න පටන් ගන්න කියලා. මෙය නවකයෙකුට හොඳ ආරම්භක ස්ථානයක්. මෙම language එක නවකයන් සඳහා ප්‍රථම පරිගණක භාෂාව ලෙස ඉගෙන ගත යුතු භාෂාවක් පමණක්ම නොවෙයි. මෙය ඉතාමත් ප්‍රබල වගේම විශාල ප්‍රමාණයේ projects සඳහා ඉතාමත් සුදුසු පරගණක භාෂාවක් වෙනවා. Python language එක ඉගෙන ගැනීම සඳහා ඉතාමත් හොඳ tutorials Python වෙබ් අඩවියේ ඇතුලත් වෙනවා. ඒවගේම python ඉගෙන ගන්න හොදම third-party වෙබ් අඩවියක් තමයි Computer Science Circles.
මුලික language එකක් විදිහට Java ඉගෙන ගැනීමට ආරම්භ කරන්නත් පුළුවන්. නමුත් පරිගණක භාෂාවන් ගැන ලියවූ සටහන් කියවීමෙන් අනතුරුව Java වලට වඩා ප්‍රථමයෙන් C ඉගෙන ගැනීම සිදු කර අනතුරුව Java වලට යොමු වීම වඩා සුදුසු යැයි හැඟෙනවා.
ඔබ programming වලටම යොමු වීමට කැමති නම් Unix හි මුලිකම language එක වූ C ඉගෙන ගත යුතුම වෙනවා. C++ පරිගණක භාෂාව C වලට බොහෝ සෙයින් සමානයි. ඔබ එක පරිගණක භාෂාවක් ඉගෙන ගත හොත් අනෙක් භාෂාවන් ඉගෙන ගැනීම එතරම් අපහසු කාර්යයක් වෙන්නේ නැහැ.
Hacker කෙනෙකුට වැදගත් වන තවත් පරිගණක භාෂාවන් දෙකක් තමයි Perl සහ LISP. Perl ඉගෙන ගැනීම ප්‍රයෝගික භාවිතයේදී ඉතා වැදගත් මන්ද යත් Perl පරිගණක භාෂාව active web pages සහ system administration වලදී බොහෝ ලෙස භාවිතා වෙනවා. එම නිසා ඔබ කිසි දිනක Perl scripts ලිවීමට බලාපොරොත්තු නොවූ වත් ඒවා කියව තේරුම් ගැනීමේ හැකියාව ඔබට තිබිය යුතුයි.
කෙසේ වෙතත් ඔබට Python, C/C++, Java, Perl, and LISP යන පරිගණක භාෂා 5ම ඉගෙන ගත හැකි නම් එය ඔබට ඉතාමත් වැදගත් වෙනවා.
කිමද, මෙම පරිගණක භාෂාවන් වැදගත්ම hacking languages පමණක්ම නොව මේ තුලින් ඔබට එකිනෙකට වෙනස් වූ programming approaches හඳුනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. එමඟින් ඔබට ඔබේ දැනුම වඩා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
පරිගණක වැඩසටහන් ලිවීමට ගැන සම්පුර්ණ උපදේශනයක් කෙටි සටහනක් තුලින් ඔබට ලබා දීමට හැකියාවක් නැහැ. කිමද එය ඇත්තටම සංකීර්ණ වූ කුසලතාවයක්. නමුත් මට එක දෙයක් ඔබට සහතික කර කිව හැකියි. එනම් පොත් කියවීම හා පාඨමාලා වලට සම්බන්ධ වීමෙන්ම පමණක් ඔබට මෙම කුසලතා වර්ධනය කර ගත නොහැකියි. බොහෝ දක්ෂ hackers ලා තනිවම තමන් විසින්ම ඉගෙන ගත් අයයි. ඔබට පරිගණක භාෂාවේ ලක්ෂණ සහ යම් දැනුමක් පොත් පත් තුලින් ලබා ගත හැකියි. නමුත් සාමාන්‍ය ලෝකය තුල ඇති ගැටලුවක් පරිගණක ලෝකය තුල දකින්නට, එය පරිගණක භාෂාවක් තුලින් නිර්මාණය කිරීමට ඔබට පර්යෝගික දැනුම අවශ්‍ය වෙනවා. එම නිසා එම හැකියාව වර්ධනය කර ගැනීමට ඔබට පරිගණක වැඩසටහන් කියවීම (reading code) හා ලිවීම (writing code) සිදු කල යුතුම වෙනවා.

2. Open-source Unixes භාවිතයට නැඹුරු වන්න.

මෙය කියවන බොහෝ දෙනෙක් ට තමන්ගේම පරිගණකයක් තිබෙනවා. නැතහොත් ඔබට කිසියම් අයුරකින් පරිගණකයක් භාවිතයට අවස්ථාව තිබෙනවා. එසේනම්, hacker කෙනක් වීමට කැමති hacking ලොවට ආධුනිකයෙක් වන ඔබ කලයුතු වැදගත්ම සහ මුලිකම දෙය තමයි ඔබේ පරිගණකයට Linux හෝ BSD-Unixes වලින් එකක් ඔබේ පරිගණකයට install කර ගැනීම සහ එය ක්‍රියාත්මක කිරීමයි. මෙයින් ඔබට hack කිරීමේ මුලිකම කුසලතා වර්ධනය කර ගත හැකියි.
Unix වලට අමතරව තව බොහෝ පරිගණක පද්ධති ලොව තිබෙනවා. නමුත් ඒවා බෙදා හැර තිබෙන්නේ binary ලෙසයි. එමනිසා ඔබට code කියවීම හෝ වෙනස් කිරීම සිදු කල නොහැකියි. Microsoft Windows පරිගණකයක් භාවිතයෙන් හෝ අනික් closed-source system එක භාවිතයෙන් hack කිරීමට ඉගෙන ගැනීමට උත්සහ කිරීම හරියට මුළු සිරුරම වෙළුම් පටි වලින් ආවරණය කර ගෙන body cast එකක් දමා ගෙන නර්තනය ඉගෙන ගැනීමට උත්සහ කරනවා වැනි වූ නිෂ්පල ක්‍රියාවක් වෙනවා.
Internet හි මෙහෙයුම් පද්ධතිය වන්නේ Unix. ඔබට Unix නොදැන අන්තර්ජාලය භාවිත කල හැකි වුවත්, ඔබට Unix නොදැන Internet hacker කෙනෙක් වීමට හැකියාවක් නැහැ. මේ හේතුව නිසාම අද hacker සමාජය Unix කේන්ද්‍රගත කරගෙන ගොඩ නැගී තිබෙනවා.
ඔබත් Unix වලට යොමු වන්න. එය ඉගෙන ගන්න. ක්‍රියාත්මක කරන්න, අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙන්න, පරිගණක වැඩසටහන් කියවන්න, ඒවා වෙනස් කරමින් අත්හදා බලන්න. ඔබට C, LISP, Python, සහ Perl ඇතුළුවන් තවත් හොඳ, කිසිම Microsoft operating system එකකට host කිරීමට සිතිය වත් නොහැකි programming tools මෙහිදී ඔබට ලැබේවි. ඒවගේම ඔබට මෙය විනෝදයක් එක කරාවි. එය ඔබව master hacker කෙනෙක් කරාවි.
ඔබට Linux Online! වෙබ් අඩවිය මඟින් Linux භාවිතය ආරම්භ කල හැකි වගේම Linux user group සමඟ අදහස් හුවමාරු කර ගැනීමත් සිදු කල හැකියි.
BSD Unix උදව් සඳහා www.bsd.org වෙත පිවිසිය හැකියි.
ආධුනිකයෙක් ලෙස Linux වලට යොමු වීමට හොඳ ක්‍රමයක් තමයි live CD. මෙය තනිකරම CD එකක් මත run වන අතර hard disk එක modify කිරෙමක් සිදු කරන්නේ නැහැ. නමුත් CD slow නිසා මෙහි ක්‍රියාකරීත්වය මන්දගාමීයි. නමුත් මෙයත් ඔබට අත්හදා බැලීමට හැකියි.

3. World Wide Web භාවිතය හා HTML ලිවීම ඉගෙන ගන්න.

දක්ෂ hacker කෙනෙක් වීමට World Wide Web ක්‍රියාත්මක වන ආකාරය, එය සමඟ ගනු දෙනු කරන ආකාරය ඉගෙන ගත යුතුයි. මෙයින් කියවෙන්නේ web browser එකක් භාවිතය ඉගෙන ගැනීම නොවෙයි. එය ඕනෑම කෙනෙක්ට කල හැකියි. එහෙත් ඔබ Web හි markup language එක වන HTML ලිවීමට ඉගෙන ගත යුතුයි. ඔබ ඔබේම home page එක HTML තුලින් නිර්මාණය කරන්න. ඒවගේම classic HTML වලට වඩා ක්‍රමවත් වූ XHTML භාවිතයට නැඹුරු වන්න. මෙය නවකයෙකුට HTML ඉගෙන ගැනීමට අන්තර්ජාලය තුල ඇති හොඳ වෙබ් අඩවියක්.

4. ඔබට ඉංග්‍රීසි දැනුම නොමැති නම් ඉගෙන ගන්න.

ඉංග්‍රීසි යනු අන්තර්ජාතික භාෂාවක්. බොහෝ කරුණු අන්තර්ජාලය තුල පල වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එම නිසා තම තුලට දැනුම එක කර ගැනීමට, අන්තර්ජාලයේ පල වන බොහෝ දේ දන ගැනීමට, ඉගෙන ගැනීමට ඔබට ඉංගිරිසි දැනුම අවශ්‍ය වනවා.
ඒවගේම අනිකුත් hackers ල සමඟ අදහස් හුවමාරු කිරීමට , forum භාවිතයට මෙම දැනුම අවශ්‍ය වෙනවා. ඔබ නිවැරදි ව්‍යකරණ නොමැතිව, අකුරු වරදවා ලියනවා නම් ඔබව ඇතැම් විට hacker ලෝකය තුල කොන් වීමට ඉඩ තිබෙනවා. හැමදේම හොඳින් ඉගෙන ගන්න. ඔබේ පෞරුෂත්වය ගොඩ නගා ගැනීමට ලොව තුළ ඉදිරියට යාමට , ලොව තුල පිළිගැනීමක් ඔබට හිමි වීමට ඉංග්‍රීසි දැනුමත් ඉවහල් වේවි
Next Post Previous Post
1 Comments
  • Unknown
    Unknown October 13, 2018 at 10:14 AM

    වටිනව බ්‍රෝ 🔥

Add Comment
comment url