iPad නවතම සංකල්පය සමඟ විනිවිද පෙනෙන අනාගතයක්

[row]
[col type=”1_2″ class=””]

[/col]
[col type=”1_2″ class=””]
adv 300x250 iPad නවතම සංකල්පය සමඟ විනිවිද පෙනෙන අනාගතයක්...!
[/col]
[/row]

Tablet නිර්මාණයේ සංදිස්ථානයක් සනිටුහන් කල Apple’s iPad පසුගිය කාල වකවානුව තුලදී කිසිම දැවැන්ත වෙනස්කමකට ලක්වුණේ නැහැ. නමුත් මෙම වසරේ අග භාගයේදී පමණ මෙහි වෙනසක් දැකීමට හැකි වේවි යැයි සිතිය හැකියි. නමුත් පසුගිය වසර කිහිපය තුල නම් Tablet වගේම iPad ඉතා ඉහල වෙනස් කම් වලට භාජනය වෙමින් ඉදිරියට පැමිණියා. Microsoft සමාගම විසින් නිකුත් කරන ලද Microsoft Surface, Tablet මිලදී ගන්නන්ගේ අවදානය ඔවුන් දෙසට නතු කර ගන්නට සමත් වූ බවත් අපි කව්රුත් හොදින් දන්නවා.
ඉදිරියට නිකුත් වීමට නියමිත Microsoft’s Surface Pro සමඟ Tablet මිලදී ගන්නන්ගේ අවදානය තව දුරටත් Microsoft දෙසටම යොමු වේවිද? ඔවුන් හා තරඟ කිරීමට Apple’s සමාගමට හැකි වේවිද? කවර ආකාරයේ නවමු සංකල්පයක් Apple සමාගම ලොවට හඳුන්වා දෙවිවිද? වෙළඳ පල ඔවුන් දෙසට හරවා ගැනීමට Apple’s iPad වලට හැකි වේවිද?
මේ සඳහා Digital Artist කෙනෙක් වන Ricardo Afonso විසින් නවතම සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහුගේ මෙම නවතම 3D සංකල්පය නම් අප අද දකින iPad එකම විනිවිද පෙනන විදුරු භාවිතයෙන් නිර්මාණය කිරීමයි. ඇලුමිනියම් කැබලි 2ක් සමඟ සම්බන්ද වූ විදුරු පුවරුවක් ලෙස මෙම 3D Apple’s iPad එක නිර්මාණය කර තිබෙනු ඔබට ඉහත දැක ගත හැකියි.


නමුත් මම නම් මෙම සංකල්පය ඉතාම සාර්ථක යැයි පිළිගන්නේ නම් නැහැ. Afonso තර්ක කරනවා මෙම නවතම iPad සංකල්පය පාරිභෝගිකයන්ගේ අවධානය දිනා ගෙන ඔවුන් මෙම iPad මිලදී ගැනීමට වඩා වැඩි රුචිකත්වයක් දක්වාවි යැයි කියා. නමුත් මට නම් ඒ ගැන සිතෙන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් අකාරයටයි. iPad එකකින් පාරිභෝගිකයන් ලබන අත්දැකීමට මෙම නවතම 3D විනිවිද පෙනෙන සංකල්පය භාධාවක් ඇති කරවී යයි මට සිතෙනවා. මොකද ඔබ iPad එක භාවිතයෙන් කරන කියන සියලු දේම අනිකුත් පුද්ගලයන්ටත් tablet එකේ පිටුපසින් පෙනෙන්න නිසා ඔවුන් හරියටම දැන ගන්නවා ඔබ කුමක්ද කරන්නේ කියා. ඔබ ඔබේ පෞද්ගලික iPad එකෙන් ඔබ කරන කියන සියලු දේ හැමෝටම පෙනෙනවට කැමති වේ යැයි මම නම් සිතන්නේ නැහැ. ඒ වගේම සිතන්න විදුරු වලින් මෙය නිපද වෙනවා නම් එය කොතරම් බිඳෙන සුළු විය හැකිද?
ඒ කෙසේ වෙතත් ඔබට පුළුවන් පහත දී ඇති video එකෙන් මෙම සංකල්පය ගැන වැඩි දුර තොරතුරු දැන ගැනීමට. එහෙනම් දැන් ඔබ තීරණය කරන්න ඔබ tablets තාක්ෂණයේ බලාපොරොත්තු වන වෙනස මෙයද කියා…?

Next Post Previous Post
No Comment
Add Comment
comment url